කවුද එතකොට යුද්ධ කලේ?

Sunday, December 1, 2013


අපේ රටේ අවුරුදු 30 ක් විතර යුද්ද්දයක් තිබ්බනේ. ඉතින් දැන් ඒක අපේ වීරෝදාර රණවිරුවෝ මැරිල මැරිල කොහොම හරි රට බේරගත්තා කියමුකෝ, ඉතින් මේ කරපු දේ මේ මුලු ලෝකෙටම පුදූම හිතෙන දයක් කියල පොඩි එවුන් පවා දන්න දෙයක්නේ. ඉතින් අපේ රටේ ඉන්න ලොකු ලොක්කෝ එකතුවෙලා අවුරුද්දක් පාසා Galle Face එකේ පවත්වනවනේ ඔය Victory Parade කියල එකක්. ඒක පවත්වන්නෙ රණවිරුවන්ට උපහාර  පිනිසලු නෙ.

ඉතින් ඕක පවත්වන්න තියෙන දිනේට කලින් ඉදන් ඕකට සැරසෙන්න එපැයි. ඉතින් අර යුද්ධ  කොරල කොරල මැරිල මැරිල ඉන්න කොල්ලො ටික මොකද කොරන්නෙ ඔන්න යනව උදේ පාන්දරම නැගිටගෙන ඔය කියන පෙලපාලියට පුහුනු වෙන්න. දවස් දහයක් විතර පට්ට අව්වේ වේලි වේලි පෙර පුහුනු වෙනවලුනෙ. මීට කලින් එකකදී, වැහි දවසක අර රටටම ගං වතුර ගලපු දවස් වල ඔය කියන පෙර පුහුනු වීම් කරද්දී හෙන පුපුරල කොල්ලෝ මැරිල තියෙනව. ඒත් ඒක කවුරුත් දන්නෙ නෑනේ. ඉතින් මේ

කොල්ලො මෙතනත් මැරිල මැරිල ඔන්න අදාල දවසට උපහාර පෙලපාලිය පවත්වනව.

ඔන්න අදාල දවසට ඒසී කාමර වල ඉදන් යුද්දේ පුලුල් තිර වලින්, ටීවී වලින් බලපු අය  අර ටකරන් මඩුව ඇතුලෙ ඉන්නව, අපේ අර යුද්දෙට මුන දුන්න කොල්ලො ටික උන්ට උත්තමාචාර අවි ගහනව, උපහාර දක්වාගෙන ඒ අයට  ඉස්සරහින් යනවා. එතකොට දැන් කව්ද යුද්ද කලේ?, කාටද මේ උපහාර දක්වන්නෙ?.

ඒ කියන්නෙ අපේ කොල්ලෝ නෙවෙයිද  යුද්ද කොරල රට බේරගත්තෙ?

සටහන – ඩී.කේ. විජේ

0 comments:

Post a Comment

 
යථාර්තය සොයා © 2011 | Designed by RumahDijual, in collaboration with Online Casino, Uncharted 3 and MW3 Forum