අපි දන්නා විදියට දැනට මේ ලෝකේ ඉන්න මිනිසුන්ගෙන් බහුතරයක් ම බොන්නේ හරකුන්ගෙන් අරගත්තු කිරි. අපේ ලංකාවෙත් එහෙමයි. ඒවා එක එක විදියට ප්‍රයෝජනයට ගන්නවා. උදා: පිටි කිරි, දියර කිරි, මුදවපු කිරි, යෝගට් ආදී වශයෙන්. සිය දහස් ගනං විවිදාකාර නම් වලින් එන්නෙත් මේ කිරිම තමයි.
සාපේක්ෂව බැලුවම අපි ගන්න ආහාර වලින් බහුතරයක්ම කිරි ප්‍රයෝජනයට අරං සාදා තිබේ. මේ කිරි වලින් 80% කට වඩා තියෙන්නේ හරකුන්ගෙන් දොවා ගත් කිරි. අපිට දරුවෙක් ලැබුනම මව් කිරි දෙන්නේ උපරිම අවුරුදු දෙකක් විතර. එහෙමත් කෙනෙක් තමයි අවරුදු තුන හතරක් මව් කිරි දෙන්නේ. ඊට පස්සේ දිගටම මැරෙන තුරාවටම බොන්නේ හරක් කිරි.
ඒ වගේම අපේ ලංකාවේ මිනිස්සු ඉස්සර ඉදන්ම මේ මැතක් වෙනකල්ම තමන්ගේ සියලුම බර වැඩ කරගත්තේ හරකුන්ගෙන්. ඒ කියන්නේ කුඹුරු හාන එක පෝරු ගාන එක ආදී වශයෙන් නොයෙකුත් දේවල් හරකුන් යොදාගෙන කරවගන්න පුරුදුවෙලා හිටියා. අදටත් සමහර මිනිසුන් එහෙම කරනවා. නවීන තාක්ෂනේ ලංකාවට ආවට පස්සේ තමයි මිනිස්සු යන්තර සූත්තර වලින් වැඩ ගන්න පටන්ගත්තේ. ඉතින් මේ විදියට බැලුවාම හරකුන් නිසා තමයි මේ මිනිසුන්ගේ පැවැත්ම හැදිලා තියෙන්නේ කියල කිව්වොත් එකේ වැරද්දක් නැහැ. ඒක තේරුම් ගත්තු නිසා වෙන්න ඇති ඉන්දියාවේ හින්දු මිනිස්සුත් ලංකාවේ හින්දු මිනිස්සුත් හරකුන්ව දේවත්වයෙන් සලකන්නේ.
නමුත් මම කියන්න යන්නේ අපි හරකුන්ට මල් තිය තිය වදින්න කියන එක නෙවේ. මනුෂ්‍යත්වය අතින් ඉහලම තැනක ඉන්න සිංහල ජාතිය ලෝකයේම පිළිගැනීමට ලක්වෙලා තියෙන්නේ කලගුණ දන්නා,හිත උණුවෙන, ආගන්තුක සත්කාර කිරීම අතින් ඉහලම තැන ඉන්නවා කියල. ඉතින් එහෙව් ජාතිය ඇයි තමන්ට කිරි ටික දීපු, බත් ටික හම්බකරලා දීපු සතාගේ මස් ඒ බත් වලටම අනාගෙන කන්න තරම් පහත් තත්වයට වැටුනේ ?
හරකාට හිතන්න තරම් දියුණු මනසක් නැති නිසයි “හරකා” කියන්නේ. සාමාන්‍යයෙන් අපි අතර ඉන්න හිතන්නේ නැතිව වැඩ කරන අයට ත් අපි කියනවා “හරක්” කියල. එතකොට අපේ සිංහල ජාතියට මොකක් කියල කතා කල යුතුද?
සටහන - ඩී.කේ. විජේ
2011/12/10



