• Blockquote

    Mauris eu wisi. Ut ante ui, aliquet neccon non, accumsan sit amet, lectus. Mauris et mauris duis sed assa id mauris.

  • Duis non justo nec auge

    Mauris eu wisi. Ut ante ui, aliquet neccon non, accumsan sit amet, lectus. Mauris et mauris duis sed assa id mauris.

  • Vicaris Vacanti Vestibulum

    Mauris eu wisi. Ut ante ui, aliquet neccon non, accumsan sit amet, lectus. Mauris et mauris duis sed assa id mauris.

  • Vicaris Vacanti Vestibulum

    Mauris eu wisi. Ut ante ui, aliquet neccon non, accumsan sit amet, lectus. Mauris et mauris duis sed assa id mauris.

  • Vicaris Vacanti Vestibulum

    Mauris eu wisi. Ut ante ui, aliquet neccon non, accumsan sit amet, lectus. Mauris et mauris duis sed assa id mauris.

කවුද එතකොට හරකා?

Wednesday, December 4, 2013 0 comments

අපි දන්නා විදියට දැනට මේ ලෝකේ ඉන්න මිනිසුන්ගෙන් බහුතරයක් ම බොන්නේ හරකුන්ගෙන් අරගත්තු කිරි. අපේ ලංකාවෙත් එහෙමයි. ඒවා එක එක විදියට ප්‍රයෝජනයට ගන්නවා. උදා: පිටි කිරි, දියර කිරි, මුදවපු කිරි, යෝගට් ආදී වශයෙන්. සිය දහස්‌ ගනං විවිදාකාර නම් වලින් එන්නෙත් මේ කිරිම තමයි.

සාපේක්ෂව බැලුවම අපි ගන්න ආහාර වලින් බහුතරයක්ම කිරි ප්‍රයෝජනයට අරං සාදා තිබේ. මේ කිරි වලින් 80% කට වඩා තියෙන්නේ හරකුන්ගෙන් දොවා ගත් කිරි. අපිට දරුවෙක් ලැබුනම මව් කිරි දෙන්නේ උපරිම අවුරුදු දෙකක් විතර. එහෙමත් කෙනෙක් තමයි අවරුදු තුන හතරක් මව් කිරි දෙන්නේ. ඊට පස්සේ දිගටම මැරෙන තුරාවටම බොන්නේ හරක් කිරි.

ඒ වගේම අපේ ලංකාවේ මිනිස්සු ඉස්සර ඉදන්ම මේ මැතක් වෙනකල්ම තමන්ගේ සියලුම බර වැඩ කරගත්තේ හරකුන්ගෙන්. ඒ කියන්නේ කුඹුරු හාන එක පෝරු ගාන එක ආදී වශයෙන් නොයෙකුත් දේවල් හරකුන් යොදාගෙන කරවගන්න පුරුදුවෙලා හිටියා. අදටත් සමහර මිනිසුන් එහෙම කරනවා. නවීන තාක්ෂනේ ලංකාවට ආවට පස්සේ තමයි  මිනිස්සු යන්තර සූත්තර වලින් වැඩ ගන්න පටන්ගත්තේ. ඉතින් මේ විදියට බැලුවාම හරකුන් නිසා තමයි මේ මිනිසුන්ගේ පැවැත්ම හැදිලා තියෙන්නේ කියල කිව්වොත් එකේ වැරද්දක් නැහැ. ඒක තේරුම් ගත්තු නිසා වෙන්න  ඇති ඉන්දියාවේ හින්දු මිනිස්සුත් ලංකාවේ හින්දු මිනිස්සුත්  හරකුන්ව දේවත්වයෙන් සලකන්නේ.

නමුත් මම කියන්න යන්නේ අපි හරකුන්ට මල් තිය තිය වදින්න කියන එක නෙවේ. මනුෂ්‍යත්වය අතින් ඉහලම තැනක ඉන්න සිංහල ජාතිය ලෝකයේම පිළිගැනීමට ලක්වෙලා තියෙන්නේ කලගුණ දන්නා,හිත උණුවෙන, ආගන්තුක සත්කාර කිරීම අතින් ඉහලම තැන ඉන්නවා කියල. ඉතින් එහෙව් ජාතිය ඇයි තමන්ට කිරි ටික දීපු, බත් ටික  හම්බකරලා දීපු සතාගේ මස් ඒ බත් වලටම අනාගෙන කන්න තරම් පහත් තත්වයට වැටුනේ ?

හරකාට හිතන්න  තරම් දියුණු මනසක් නැති නිසයි “හරකා” කියන්නේ. සාමාන්‍යයෙන් අපි අතර ඉන්න  හිතන්නේ නැතිව  වැඩ කරන අයට ත්  අපි කියනවා “හරක්” කියල. එතකොට අපේ සිංහල ජාතියට මොකක් කියල කතා කල යුතුද?

සටහන -  ඩී.කේ. විජේ
2011/12/10

දෙයියන්ගේ වැඩ

Sunday, December 1, 2013 0 comments

මාර වැඩේ කියන්නේ දැන් කාලේ මිනිහෙක්ගෙන් වැඩක් ගන්න එක ලේසි පහසු වැඩක්නම් නෙවෙයි පුතෝ. ඇයි දැන් කුලී වැඩට මිනිහෙක් ගත්තොත් ඒ මනුස්සයාට කන්න බොන්නත් දීලා රුපියල් 1000 හෝ 1500 ක් දවසකට  දෙන්න ඕනේ නේ. සමහර විට ඊටත් වැඩියි.

ඉතින් දැන් කාලේ මිනිසුන්ගෙන් වැඩ ගන්නවට වඩා දෙයියන්ගෙන් වැඩගන්න එක හරිම ලාබයි ඒ වගේම ලේසියි. මොකද මම එහෙම කිව්වේ, මම අනන්තවත් දැකල තියෙනවා මිනිස්සු රුපියල් 5 කාසියක් සුදු රෙදි කෑල්ලක ඔතල ගහක බඳිනවා. ඊට පස්සේ මොනවහරි දෙයියන්ගෙන් ඉල්ලනවා. වැඩේ හරි ගියාම ගිහින් බාරේ ඔප්පු කරනවා කියල මොනවහරි අර කපුවට ගිහින් දෙනවා.

මට තියෙන ප්‍රශ්නේ මේක නෙවෙයි. මෙන්න මේවගේ ප්‍රශ්න ටිකක් මට තියෙනවා ඔය දන්නා කියන කෙනෙක්ගෙන් අහගන්න . ඒ තමයි

  1. මම අහලා තියෙන විදියටත්, ඒ වගේම බුදු දහමේ සඳහන් වෙන විදියටත් දිව්‍ය ලෝකේ කියන්නේ ඉතාමත් යස ඉසුරින් පිරුණු ආයුෂ බොහෝකල් තියෙන තැනක්ලු. ඒ වගේම දෙවියන්ට දිව්‍ය විමාන මැවෙනවා, ආහාර අවශ්‍ය උනාම ආහාර මැවෙනවා, ඒ ඒ  අයගේ පිං බලේට තම එහෙම ලැබෙන්නේ. ඉතින් එහෙම සැප සම්පත් ලැබෙන තැනක ඉන්න දෙවි කෙනෙක් මේ අපි දෙන රුපියල් 5 කාසිය ගන්න, එහෙම නැත්තං අපි දෙන අන්නාසි කෑල්ල, ඇපල් කෑල්ල ලෙවකන්න මේ මහා පොලවට එන්න තරං තියෙන උවමනාව මොකක්ද කියන එක මට තියෙන එක ප්‍රශ්නයක්?

( මම උදාහරණයක්‌ දෙන්නම් ඒ තමයි අපි හිතමු ඔබට ඕනෑ තරම් සැප සම්පත් තියෙනවා දවසකට ලක්ෂ ගණන් වියදම් කරනවා ජීවත් වෙන්න. අදුනන්නේ නැති කෙනෙක්, බොහෝ දුර ඉන්න කෙනෙක් කෝල් එකක් දීලා  ඔයාගෙන් අහනවා “ මේ මහත්තයෝ මගේ ගෙදර වැඩක් තියෙනවා කරලා දෙන්න පුලුවන්ද මම රුපියල් පහක් දෙන්නම් මුලින්, වැඩේ කෙරුනම තව මොනවහරි දෙන්නම්” කිව්වොත්  ඔයා මොකද කියන්නේ, කරන්නේ? ඔන්න ඔය ප්‍රශ්නෙට පිළිතුර ඔබම හිතල බලන්න ඊට පස්සේ මට කියන්න.)

  1. ඊළඟ ප්‍රශ්නය තමයි ඔය අදහන දෙවියන්ට කරන්න පුළුවන් අපිට පෙන්නේ නැති වැඩ විතරයි. ඒ කියන්නේ ලෙඩ හොඳ කරන එක,  ආරක්ෂා කරලා දෙන එක, විභාග වලින් පාස් කරන එක වගේ දේවල්. නමුත් මට තියෙන ප්‍රශ්නය තමයි ඇයි දෙයියන්ට බැරි ඔය පොඩි පොඩි දේවල් කරන්න? ඒ කියන්නේ ඔය උයන පිහන දේවල් වගේ ඒවා. දැන් අපි හිතමු කව්රු හරි කෙනෙකුට ඕන වෙනවා දවල්ට උයන්න, එයාට දැන් උයන්න කම්මැලියි හරි නැත්තං අසනීපයි කියමු.‍ කොටින්ම කිව්වොත් කන්න නැති අය ඕන තරම් ඉන්නවානෙ. ඉතින් එයාලට පුළුවන්නේ ගහක පඬුරක් ගැට ගහලා දෙයියන්ට කියන්න මට දවල්ට උයල දෙන්න කියල. අයි එහෙම දේවල් මේ දෙයියන්ට කරන්න බැරි?

  2.  සමහර අය විභාග වලින් පාස් වෙන්න කියලා දෙවියන්ට බාර වෙනවා. ඊට පස්සේ  රැ එළිවෙනකල් පාඩම් කරනවා. පහුවදාට ගිහින් ප්‍රශ්න පත්තරේ ලියනවා. ඊට පස්සේ විභාගේ පාස් උනාම බාරේ ඔප්පු කරනවා. මට තියෙන ප්‍රශ්නේ, දැන් ඔය කියන විභාගේ ලිව්වේ දෙයියෝද? දෙයියෝ ලිව්වනම් ඇයි ඔයගොල්ලෝ ප්‍රශ්න පත්තරේට  උත්තර ලිව්වේ? එහෙනම් දෙයියන්ට ලියන්න දීල ‌නිකන් ඉන්න තිබුනානේ. ඇයි ඔයාල බාර උනානේ දෙයියන්ට විභාගේ පාස් කරලා දෙන්න.

  3. සමහර අයට හැදෙනවානේ ඔය ලොකු ලොකු ලෙඩ. ඒ කියන්නේ ඔපරේෂන් වලට ලක්ෂ ගණන්වියදම් කරන්න වෙන ඒවා. ඒ කියන්නේ හදවත් රෝග වගේ ඒවා. ඉතින් කොහොම හරි දනි පනී ගාලා කාගේ කාගෙන් හරි කීය කීය හරි එකතු කරලා ජනාධිපති අරමුදලෙනුත් කියක් හරි අරන් කට්ට කාලා කට්ට කාලා ඔන්න අදාළ දවසට යනවා ඉස්පිරිතාලෙකට ඔපරේෂන් එක කරන්න. කොහොම හරි අර දොස්තරලා මහන්සි වෙලා මේ මනුස්සය හොඳ කල කියමුකෝ, ඔන්න පහුවදා ඉදන් යනවා දෙයියන්ට බාර ඔප්පු කරන්න. දැන් කව්ද ඔය කියන ලෙඩේ හොඳ කලේ, දෙයියෝද? නැත්තං දොස්තරලාද? දෙයියෝ හොඳ කළා නම් ඇයි ඉස්පිරිතාලෙක නැවතුනේ ගෙදර ඉන්න තිබුනානේ දෙයියෝ හොඳ කරනකල්. දොස්තරලා හොඳ කලානම් ඔය කියන බාරේ දෙන්න ඕනේ ඒ දොස්තරලාට නෙවේද?

මම මේ පෙන්නලා දුන්නේ ඉතාම ටිකක්, තව දාස් ගණන් දේවල් තියෙනවා අපේ මෝඩ මිනිස්සු කරන. තමන්ට බුද්ධිය කියලා දෙයක් තියෙනවානම් මේ ගැන හිතලා බොරු දේවල් පස්සේ යන්නේ නැතිව, මිත්‍යා දේවල් පස්සේ යන්නේ නැතිව නියම බෞද්ධයෝ වගේ, බුදු දහමේ සඳහන් වෙන දේවල් විතරක් අනුගමනය කරන්න පුරුදු වෙන්න. ඔය කොහෙවත් ඉන්න කපුවො පෝසත් කරන්නේ නැතිව.

සටහන – ඩී.කේ. විජේ

කවුද එතකොට යුද්ධ කලේ?

0 comments


අපේ රටේ අවුරුදු 30 ක් විතර යුද්ද්දයක් තිබ්බනේ. ඉතින් දැන් ඒක අපේ වීරෝදාර රණවිරුවෝ මැරිල මැරිල කොහොම හරි රට බේරගත්තා කියමුකෝ, ඉතින් මේ කරපු දේ මේ මුලු ලෝකෙටම පුදූම හිතෙන දයක් කියල පොඩි එවුන් පවා දන්න දෙයක්නේ. ඉතින් අපේ රටේ ඉන්න ලොකු ලොක්කෝ එකතුවෙලා අවුරුද්දක් පාසා Galle Face එකේ පවත්වනවනේ ඔය Victory Parade කියල එකක්. ඒක පවත්වන්නෙ රණවිරුවන්ට උපහාර  පිනිසලු නෙ.

ඉතින් ඕක පවත්වන්න තියෙන දිනේට කලින් ඉදන් ඕකට සැරසෙන්න එපැයි. ඉතින් අර යුද්ධ  කොරල කොරල මැරිල මැරිල ඉන්න කොල්ලො ටික මොකද කොරන්නෙ ඔන්න යනව උදේ පාන්දරම නැගිටගෙන ඔය කියන පෙලපාලියට පුහුනු වෙන්න. දවස් දහයක් විතර පට්ට අව්වේ වේලි වේලි පෙර පුහුනු වෙනවලුනෙ. මීට කලින් එකකදී, වැහි දවසක අර රටටම ගං වතුර ගලපු දවස් වල ඔය කියන පෙර පුහුනු වීම් කරද්දී හෙන පුපුරල කොල්ලෝ මැරිල තියෙනව. ඒත් ඒක කවුරුත් දන්නෙ නෑනේ. ඉතින් මේ

කොල්ලො මෙතනත් මැරිල මැරිල ඔන්න අදාල දවසට උපහාර පෙලපාලිය පවත්වනව.

ඔන්න අදාල දවසට ඒසී කාමර වල ඉදන් යුද්දේ පුලුල් තිර වලින්, ටීවී වලින් බලපු අය  අර ටකරන් මඩුව ඇතුලෙ ඉන්නව, අපේ අර යුද්දෙට මුන දුන්න කොල්ලො ටික උන්ට උත්තමාචාර අවි ගහනව, උපහාර දක්වාගෙන ඒ අයට  ඉස්සරහින් යනවා. එතකොට දැන් කව්ද යුද්ද කලේ?, කාටද මේ උපහාර දක්වන්නෙ?.

ඒ කියන්නෙ අපේ කොල්ලෝ නෙවෙයිද  යුද්ද කොරල රට බේරගත්තෙ?

සටහන – ඩී.කේ. විජේ

 
යථාර්තය සොයා © 2011 | Designed by RumahDijual, in collaboration with Online Casino, Uncharted 3 and MW3 Forum